නුඹ...
ආවොතින් දවසක...
මගේ උර මඩලේ
ඔය සුදු මුහුණ හොවාගෙන
හුරතල් වෙන්නට ආදරෙන්...
ඉස්සර වාගේම ආයෙත්....
කියන්නට නුඹේ සවනට කොදුරා...
රෑ තුන්යාමයේ නිදිවරා
ලියූ මගේ පෙම් කවියේ...
පද එකින් එක බොදවෙලා...
නුඹ මගෙන් දුර ගියබව සිහිවී...
නෙතින් වෑටුන කදුළු වලට
ලියූ කවියේ පද වාගේම....
බොද වෙනවා දෑන් ටිකින් ටික
මගේ මේ ජීවිතයද...
නුඹ ළග නෑති දුක හන්දා...

 
 
No comments:
Post a Comment