අහන් ඉන්නවාද
එක මොහොතක්
මගෙ පපුවට කන් තියාන...
නුඹ වෙනුවෙන්
හිත කියනා සුන්දර කවිය....
කාටවත්ම තව නොකියූ
නුඹට කියන්නටම ගෙතූ
මගේ හිතේ ආදර කවිය...
බලන් ඉන්නවාද
එක මොහොතක්....
මගෙ ඈස්වල ඈස් තියාන...
නුඹ වෙනුවෙන්
නෙතු අදිනා සොදුරු සිත්තම...
කාගෙවත්ම ඈස නොගෑටුනු
නුඹට දකින්නටම ඈදපු
මගේ නෙතේ සොදුරු සිත්තම.....

 
 
No comments:
Post a Comment